කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2024-06-18 15:27:58
Share with:

කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ බව පැවසුවේ, ඊයේ (17) දිනයට යෙදී තිබූ ලෝක කාන්තාරකරණය හා නියඟයට එරෙහිව සටන් කිරීමේ දිනය නිමිත්තෙනි. ජගත් ප්‍රජාව“කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය” කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද António Guterres මහතා එහිදී කියා සිටියේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සමුළුව සඳහා මනා වාතාවරණයක් නිර්මාණය කරන ලෙසත්, තරුණ ප්‍රජාවගේ අදහස් සාකච්ඡාවලට එක් කර ගන්නා ලෙසත් ඔහු විවිධ රටවලින් ඉල්ලා සිටියේය.

“කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය”1994 වසරේ දී සම්මත කෙරිණ. දරුණු නියඟයෙන් සහ කාන්තාරකරණයෙන් පීඩා විඳින රටවලට හා කලාපවලට එම තත්ත්ව පාලනය කිරීම සඳහා සහාය වීම එහි අරමුණයි. එම සම්මුතියේ සාමාජික රටවල් සංඛ්‍යාව මේ වනවිට 197 කි. 1996 වසරේ දී චීනය ඊට එක් විය. කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සමුළුව ලබන දෙසැම්බර් මාසයේ සෞදි අරාබියේ රියාද් අගනුවර දී පැවැත්වීමට නියමිතය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම