ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට අදාළ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනපති අතට
2024-06-18 16:53:12
Share with:

ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කරන ලද කැබිනට් අනු කමිටුවේ නිර්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු සය පුද්ගල කමිටුව සකස් කළ ක්‍රිකට් නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතට විනිවිදභාවයකින් යුතු ක්‍රිකට් පරිපාලනයක් සඳහා අතිශය වැදගත් නිර්දේශ රැසක් ඇතුළත් බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතට අනුව ක්‍රිකට් ආයතනය සඳහා 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරි මණ්ඩලයක් පත් කිරීමටද, සභාපතිවරයා ඇතුළු ප්‍රධානතම නිලතල 9ක් සඳහා සාමාජිකයන් පත් කිරීම ඡන්දයකින් තොරව සිදු කිරීමට ද නිර්දේශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවධානයත් යොමු කරමින් එම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම