නාගරික තෙත්බිම් කළමනාකරණය ගැන පොදු විසඳුමකට එළැඹිය යුතුයි
2024-06-18 16:54:07
Share with:

සෑම නාගරික තෙත්බිමක්ම මුහුණ දී සිටින ගැටලුවල පොදු ස්වභාවය සලකා තෙත්බිම් කළමනාකරණය සම්බන්ධයෙන් පොදු විසඳුම්වලට එළැඹීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තෙත්බිම් සමුළුවට එක්ව සිටි විද්වතුන්ට යෝජනා කරයි.

අගමැතිවරයා එසේ සඳහන් කළේ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (17) බත්තරමුල්ලේ දී පැවැත්විණ.

තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ පළමු සමුළුව මෙම 21 වැනි දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වේ.

ලොව පුරා රටවල් පහළොවක තෙත්බිම් උද්‍යාන හැත්තෑවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සියයකට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති.

ශ්‍රී ලංකාව, චීනය, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලයේ, ජපානය, ඔස්ට්‍රේලියාව, , ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය සමුළුවට සම්බන්ධ වන රටවල් වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම