රුසියානු ජනපති උතුරු කොරියාවේ නිල සංචාරයකට එක්වෙයි
2024-06-18 09:57:33
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා අද (18) සහ හෙට (19) උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වෙයි. ක්‍රෙම්ලින් ප්‍රවෘත්ති කාර්යාංශය ඊයේ (17) මේ බව නිවේදනය කළේය.

උතුරු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩල සභාපති, Kim Jong Un මහතා‍ගේ ආරාධනයෙන් රුසියානු සමූහාණ්ඩුවේ සභාපති Vladimir Putin මහතා අද (18) සහ හෙට (19)  උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වනු ඇති බව එහි සඳහන් වේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේ උතුරු කොරියානු රාජ්‍ය නායක Kim Jong Un මහතා‍ රුසියාවේ සංචාරයක නිරත වී ඇත. ඔහු රුසියානු ජනපති සමග ඓතිහාසික හමුවක් පැවැත්වූ අතර එම අවස්ථාවේදී දෙපාර්ශ්වය ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කර එකඟතා රැසකට පැමිණි බව උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. එහිදී, උතුරු කොරියාවට පැමිණෙන ලෙස Kim Jong Un මහතා‍ කළ ඇරයුම Vladimir Putin මහතා පිළිගෙන තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම