චීනයේ ඇතැම් ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වයන් පාලනයට චීන ජනපතිගෙන් උපදෙස්
2024-06-18 17:06:05
Share with:

රටේ ඇතැම් ප්‍රදේශවල පවතින ගං වතුර හා නියං තත්ත්වය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් ලබා දෙයි.

මේ දිනවල අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු චීනයේ පළාත් කිහිපයක ගං වතුර තත්ත්වය හටගෙන තිබෙන අතර උතුරු චීනයේ ඇතැම් ප්‍රදේශවල නියං තත්ත්වය උග්‍ර වෙමින් පවතී. එවන් ආපදා තත්ත්වයන් හමුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අදාළ ආයතන හා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. ආපදා කළමනාකරණය නිසියාකාරයෙන් පවත්වාගෙන යමින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සහතික කරන ලෙසත්, ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ශක්තිමත් කරන ලෙසත්, ආපදා කළමනාකරණයට අවශ්‍ය උපකරණ හා සම්පත් නිසි ලෙස පරිහරණය කරන ලෙසත්, චීන ජනාධිපතිවරයා අදාළ ආයතන හා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම