ඉදිරි වසර පහ ලංකා අනාගතය තීරණය කරන බව ජනපති පවසයි
2024-06-17 17:24:07
Share with:

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මන්නාරම නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් "තරුණ සමුළුව"  සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

"දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" තේමාවෙන් මෙම  තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/24  අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

ජනාධිපතිවරයා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළේය.

කොරෝනා වසංගතය  හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම