චීන අග්‍රාමාත්‍යවරයා සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් අතර හමුවක්
2024-06-17 10:43:31
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(17) ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ කථානායක Sue Lines මහත්මිය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Milton Dick මහතා කැන්බරාහි දී හමුවිය.

පසුගිය වසර කිහිපය තුළ චීන-ඕස්ට්‍රේලියා සබඳතා විවිධ ගැටලු සහ අභියෝගවලට මුහුණ දීමෙන් පසු නිවැරදි මාර්ගයකට ප්‍රවේශ වී ඇති බවත් එය දුෂ්කර ජයග්‍රහණයක් බවත් Li Qiang මහතා එහිදී ප්‍රකාශ කර ඇත. චීනය සහ ඕස්ට්‍රේලියාව සතුව වෙනස් ඉතිහාසයන්, සංස්කෘතීන් සහ සමාජ ක්‍රම තිබෙන බැවින් යම් යම් කරුණු සම්බන්ධයෙන් විවිධ මත පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. වැදගත් වනුයේ දෙරට අතර අදහස් හුවමාරු වැඩිදියුණු කිරීමය. පවතින මතභේදයන් පාලනය කිරීම සඳහා සන්නිවේදනය සහ සංවාද තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද Li Qiang මහතා  සඳහන් කළේය. දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර හුවමාරු ශක්තිමත් කිරීමට චීනය සහාය ලබා දෙයි. චීනයේ සංවර්ධනය සහ වෙනස්කම් අවබෝධ කර ගැනීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් චීනයේ සංචාරයන් සඳහා සාදරයෙන් පිළිගන්නා බව ද Li Qiang මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර ඕස්ට්‍රේලියා-චීන සබඳතා ස්ථාවර වර්ධනයක පවත්වා ගැනීම පිළිබඳව ඕස්ට්‍රේලියාව ඉතා සතුටට පත්වන බව Lines මහත්මිය සහ Dick මහතා එහිදී සඳහන් කළහ. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව, ද්විපාර්ශ්වීය සබඳතා අඛණ්ඩව වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා චීනය සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම