නේපාල නායකයෝ එකම චීනය මූලධර්මයට කැපවීම යලි තහවුරු කරති
2024-06-17 17:17:41
Share with:

එකම චීනය මූලධර්මය සඳහා නේපාලයේ කැපවීම නැවත අවධාරණය කරන බව එරට වැඩබලන ජනාධිපති රාම් සහේ ප්‍රසාද් යාදෙව් මහතා සහ අගමැති පුෂ්ප කමල් දහාල් ප්‍රචණ්ඩා මහතා කියා සිටිති.

සිකුරාදා සහ ඉරිදා පිළිවෙලින් කත්මණ්ඩු නුවරදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ උප සභාපති Bater මහතා හමුවූ එම නායකයෝ, චීනයේ අවශ්‍යතාවලට හානි කිරීම සඳහා නේපාල භූමිය භාවිතා කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවට ද ප්‍රතිඥා දුන්හ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ලෙස චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට සූදානම් බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

නේපාලයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනයේ දිගුකාලීන සහ අගනා සහයෝගය පිළිබඳව නේපාල නායකයෝ සිය ප්‍රසාදය පළ කළහ.

චීනය සහ නේපාලය එකම කඳු සහ ගංගාවලින් සම්බන්ධ වූ සමීප අසල්වැසියන් වන අතර දිගුකාලීන මිත්‍රත්වයක් භුක්ති විඳින බැවින්, නායකයින් විසින් එළඹ ඇති වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා නේපාල පාර්ශවය සමඟ කටයුතු කිරීමට චීන පාර්ශවය කැමැත්තෙන් සිටින බව Bater මහතා පැවසීය. හෙතෙම සිකුරාදා සිට සඳුදා දක්වා නේපාලයේ රැඳී සිටි කාලය තුළ, නේපාලයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය නාරායන් කජි ශ්‍රෙස්තා සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක ඉන්දිරා රානා යන මහත්වරුන් හමුවිය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම