බොහෝ ජගත් සංවිධාන චීන ආර්ථික වර්ධනය පිළිබඳව සුබවාදී අපේක්ෂා ඉහළ නංවයි
2024-06-17 21:30:05
Share with:

“ අප චීනයේදී ලබන ආදායම් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. ඒ වර්ධන වේගය අප ලෝකයේ සෙසු ප්‍රදේශවලින් ලද ආදායම්වලට වඩා වැඩියි. චීන වෙළඳපොල ගැන අපට තියෙන්නේ වෙනස් නොවන ඉහළ අපෙක්ෂාවක්. ”යනුවෙන් මෑතකදී ‍නෙදර්ලන්තයේ Philips සමාගමේ චීන ශාඛාවේ ප්‍රධානියෙකු පවසා ඇත. විදෙස් ව්‍යවසායන්ට ඇති විශාලම අවදානමක් වන්නේ චීනය අත්හැරීමත් සමග ගෝලීය තරගකාරීත්වය අහිමි වීම යැයි ජ‍ර්මන් මාධ්‍ය අදහස් දක්වා තිබේ.

 අද (17) චීනය ඉකුත් මැයි මාසයේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත නිකුත් කර ඇත. චීන ආර්ථිකය ඉතා සක්‍රිය අන්දමින් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව එම දත්තවලින් පෙන්නුම් කෙරේ.මෙය විදෙස් ව්‍යවසායන් හා ආ‍යෝජකයන් චීනයට විශේෂ ඇල්මක් දැක්වීමට ප්‍රධාන හේතු සාධකය වේ. චීනයට ඇත්තේ දැවැන්ත පාරිභෝගික වෙළඳපොලකි.ඉකුත් මැයි මාසයේ චීනයේ සමස්ත සිල්ලර අලෙවිය 2023 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 3.7%කින් වර්ධනය වූ බවත්, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රවලට අදාළ පරිභෝජනය අඛණ්ඩව ඉහළ යමින් පවතින බවත්, එම දත්තවල දැක්වේ. චීන වෙළඳපොළේ පවතින නවෝත්පාදන ජවය ද කැපී පෙනේ.චීන නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ ගුණාත්මකභාවය, සුහුරු වීමේ ප්‍රවණතාව හා හරිතකරණය හේතුවෙන් නව ගුණාත්මක ඵලදායීතාව සැලකිය යුතු අයුරින් හැඩ ගැසෙමින් පවතී. එමෙන් ම චීනයේ සිටින විශාල ප්‍රවීණයන් පිරිසක්, තාක්ෂණික දියුණුව, ක්‍රියාශීලි පාරිභෝගිකයන් සහ අංගසම්පූර්ණ සැපයුම් දාමය හමුවේ සිය ව්‍යාපාර නවෝත්පාදන හැකියාව ඉහළ නංවාලීමට වාසිදායක පසුබිමක් සකස් කර ඇතැයි බොහෝ විදෙස් සමාගම් පවසයි. එබැවින් ඔවුන් චීන ව්‍යවසායන් සමග එක්ව නව නිෂ්පාදන නිර්මාණය කරමින් සිය ගෝලීය තරගකාරීත්වය පවත්වාගෙන යාමට කටයුතු කරයි.

 මේ වසරේ චීන ආර්ථිකයෙන් පෙන්නුම් කෙරෙන සක්‍රිය ක්‍රියාකාරීත්වය ‍හේතුවෙන් බො‍හෝ ජගත් සංවිධාන චීන ආර්ථික වර්ධනය සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් ඉහළ නංවා ඇත.ප්‍රතිසංස්කරණය හා චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යාමට චීන රජය කටයුතු කරමින් සිටී.එමගින් වඩාත් ශක්තිමත් හා විවෘත චීන ආර්ථික සංවර්ධන රටාවක් ගොඩ නැගීමට අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම