චීන අගමැති ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරයා සහ විපක්ෂ නායක හමුවෙයි
2024-06-17 19:16:10
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(17) සවස, ඔස්ට්‍රේලියාවේ Canberra නුවර දී එරට ආණ්ඩුකාර David John Hurley මහතා සහ විපක්ෂ නායක Peter Dutton මහතා හමු විය.

Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේ, දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ, චීන-ඕස්ට්‍රේලියා සබඳතා ස්ථාවර සංවර්ධනයේ නිවැරදි මාවතට නැවත පැමිණ ඇති බවයි. දෙරට ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වන අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් දෙරටේම ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන එනු ඇත. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, චීන-ඕස්ට්‍රේලියා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වඩාත් ඵලදායී බවට පත් කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය.

David John Hurley මහතා ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු-චීන ද්විපාර්ශ්වික සබඳතා බෙහෙවින් ශක්තිමත් බවයි. කලාපීය සහ ලෝක සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම, ඕස්ට්‍රේලියානු-චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ ස්ථාවර සහ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද, ඕස්ට්‍රේලියාව චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව, ඔහු එහිදී සඳහන් කළේ ය.

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Peter Dutton මහතා සමඟ පැවති හමුවේ දී, Li Qiang මහතා පෙන්වා දුන්නේ, ඕස්ට්‍රේලියාවේ සියලුම පක්ෂ හා ක්ෂේත්‍ර සමඟ, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම හා වෙනස්කම් නිසි ලෙස හැසිරවීමෙන්, දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව සහ විශාල සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බවයි.

ඕස්ට්‍රේලියානු විරුද්ධ පක්ෂ චීනය දියුණු වීම සහ සමෘද්ධිමත් වීම දැකීමට සතුටු වන අතර, ඔස්ට්‍රේලියානු-චීන සබඳතා ක්‍රමානුකූලව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව Peter Dutton මහතා  එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම