Huangpu හමුදා ඇකඩමියේ 100වැනි සංවත්සරය සහ එහි ආදි ශිෂ්‍ය සංගමයේ 40වැනි සංවත්සරයට චීන ජනපති සුබ පැතුම් ලිපියක් යොමු කරයි
2024-06-17 19:38:51
Share with:

Huangpu හමුදා ඇකඩමියේ 100වැනි සංවත්සරය සහ එම හමුදා ඇකඩමියේ ආදි ශිෂ්‍ය සංගමයේ 40වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කරයි.

Huangpu හමුදා ඇකඩමිය චීන කොමියුනිස්ට් පක්ෂය හා Kuomintang පක්ෂය ඒකාබද්ධව ස්ථාපිත කළ පළමු හමුදා අධ්‍යාපන ආයතනයයි.  එම හමුදා ඇකඩමිය නූතන ඉතිහාසයේ චීනය විප්ලවීය හමුදා නිලධාරීන් පුහුණු කළ පළමු අධ්‍යාපන ආයතනය ද වේ. චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් ලිපියෙන් එහි ඉතිහාසය සිහිපත් කරමින් කියා සිටියේ එම ආදි ශිෂ්‍ය සංගමය චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් යුත් Huangpu හමුදා ඇකඩමියේ ආදි ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් සමන්විත දේශප්‍රේමී මහජන සංවිධානයක් බවයි. එම ආදි ශිෂ්‍ය සංගමය ස්ථාපිත කිරීමේ සිට මේ දක්වා මව්රටේ එක්සත්භාවය හා ඒකීයකරණය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කර ඇතැයි චීන ජනාධිපතිවරයා සඳහන් කරයි. නව යුගයේ එම ශිෂ්‍ය සංගමය Huangpu හමුදා ඇකඩමියේ ජීවගුණය උරුම කර ගනිමින් මව්රටේ නවීකරණ සංවර්ධනය හා ජාතික පුනර්ජීවනය උදෙසා වඩාත් ඉහළ කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට චීන ජනාධිපතිවරයා සුබපැතුම් ලිපියෙන් සිය බලාපොරත්තුව පළ කර තිබේ.

Huangpu හමුදා ඇකඩමියේ 100වැනි සංවත්සරය සහ එම හමුදා ඇකඩමියේ ආදි ශිෂ්‍ය සංගමයේ 40වැනි සංවත්සරය නිමිත්තෙන් අද (17) බෙයිජිං හිදී වැඩමුළුවක් පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති වං හු නිං මහතා එහි මුලසුන දැරීය. එහිදී ඔහු ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සුබ පැතුම් ලිපිය ප්‍රකාශයට පත් කළේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම