ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රැස්වීමට ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයෙන් නියෝජිතයන්
2024-06-17 10:09:06
Share with:

ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ රැස්වීම එළඹෙන 30  වනදා සිට ලබන ජූලි මස පළමුවනදා දක්වා කටාර් රාජ්‍ය‍යේ දෝහා අගනුවරදී පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් සිය නියෝජිත පිරිසක් යොමු කරන බව ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයේ ප්‍රකාශක Zabiullah Majahed මහතා ඊයේ(16) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. 

ඇෆ්ගනිස්ථාන ජනතාවට මානුෂීය සහනාධාර ලබා දීම හා ඇෆ්ගනිස්ථානයේ ආයෝජන අවස්ථා බිහි කිරීම යන කරුණු එම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව හෙතෙම පැවසීය.

ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රැස්වීම් පසුගිය 2023 වසරේ මැයි මස හා 2024 වසරේ පෙබරවාරි මාසයේ දී  දෝහා අගනුවරදී පවත්වා තිබේ. එහෙත් ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජය අදාළ රැස්වීම් දෙකටම නියෝජිතයන් යොමු කර නොමැත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම