පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව කෙටුම්පතක් ලෙස නුදුරේදීම
2024-06-17 17:25:58
Share with:

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ(16) එක් වෙමිනි.

පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා පනවා ඇති ඕනෑම නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

පසුගියදා පැවති පරිසර දිනයට සමගාමිව රට පුරා පරිසර සතියක් ප්‍රකාශයට පත් කෙරිණ. එය සලකුණු කරමින් මුළු රට ආවරණය වන පරිදි පැළ දශලක්ෂයකට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක විය. මේ වන විට මෙරට පවතින 29%ක වනාන්තර ගහනය 2030 වසර වන විට 32% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද වක්කුඹුර මහතා සඳහන් කළේය. මේ සඳහා වනයේ ඇති හිස් භූමි ප්‍රදේශවල නව තාක්ෂණය භාවිත කරමින් පැළ සිටුවීම සිදු  කෙරේ. එසේම ‘ගසට පැළයක්’ව්‍යාපෘතිය යටතේ ඉවත් කරනු ලබන සෑම ගසක් වෙනුවෙන්ම බාධාවක් නොවන ස්ථානවල පැළයක් සිටුවීම මේ වන විට අරඹා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම