පිලිපීනය එක්සත් ජාතීන්ගේ කමිටුවට ඒකපාර්ශ්විකව කරුණු දැක්වීම කෙරෙහි චීනයේ විරෝධය
2024-06-17 19:24:51
Share with:

පිලිපීන විදේශ අමාත්‍යංශය පසුගිය 15 වනදා ප්‍රකාශ කළේ පිලිපීනය එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවට දකුණු චීන මුහුදේ පිටත මහාද්වීපික රාමුවේ සීමා නියම කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව පිලිපීනය එම මුහුදු ප්‍රදේශයේ සම්පත් සංවර්ධනය කිරීමේ විශේෂ අයිතිය සෙවීමට වෑයම් කරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ‍යේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ අදාළ තොරතුරු පිළිබඳව චීනය දැනුවත් වෙමින් සිටින බවයි. චීනය හා පිලිපීනය අතර දකුණු චීන මුහුදු ප්‍රදේශයේ භෞමික ප්‍රශ්නය සහ සමුද්‍රීය සීමා නියම කිරීමේ ආරවුලක් පවතින බව Lin Jian මහතා කීය. එහෙත් පිලිපීනය ඒකපාර්ශ්විකව එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් චීනයේ ස්වෛරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය උල්ලංඝනය කර ඇති අතර මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය හා දකුණු චීන මුහුද පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනයේ අදාළ රෙගුලාසීන්ට පටහැනි වේ. එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවේ රෙගුලාසියට අනුව පිලිපීනය ඉදිරිපත් කරන යෝජනාව එම කමිටුව විමර්ශනය කිරීම හා සාකච්ඡා කිරීම සිදු නොකළ යුතු බව Lin Jian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම