මැයි මස චීන ආර්ථිකයේ ප්‍රශස්ත වර්ධනයක්
2024-06-17 11:09:46
Share with:

මැයි මස චීනයේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත එළි දැක්වේ.  ඒ අනුව එම කාලය තුළ චීන යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ප්‍රධාන ව්‍යාපාරික ආදායමක් සහිත චීනයේ කාර්මික ව්‍යවසායන්හි වර්ධන වටිනාකම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 5.6කින් වැඩි වී ඇත. සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය ද වාර්ෂිකව සියයට 4.8ක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම සමාජ පරිභෝජන භාණ්ඩවල සිල්ලර වටිනාකම යුවාන් ට්‍රිලියන 3.9ක් වන අතර එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 3.7කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර රටේ නිශ්චල දේපළ සඳහා ආයෝජන පරිමාණය තවදුරටත් ව්‍යාප්ත වී ඇත. උසස් නව තාක්ෂණික කර්මාන්තවල ආයෝජනයේ වර්ධනය වඩාත් කැපී පෙනේ. ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා රටේ නිශ්චල දේපළ සඳහා ආයෝජනය ට්‍රිලියන යුවාන් 18.8ක් වන අතර එය පසුගිය වසරේ මැයි මාසයට වඩා සියයට 4ක ඉහළ යාමකි. භාණ්ඩ ආනයනය හා ‍අපනයනය ද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. මැයි මාසයේ සමස්ත ආනයන හා අපනයන භාණ්ඩවල වටිනාකම යුවාන් ට්‍රිලියන 3.7ක් වන අතර පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව එය සියයට 8.6කින් වැඩි වී තිබීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම