ඍණ අගයක පැවැති ආර්ථිකයේ මේ වන විට වර්ධනය 5.3% ක්
2024-06-17 17:25:10
Share with:

නිදහස් වෙළෙඳපොලකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ආර්ථිකයක් රටේ ගොඩනැඟීම ආණ්ඩුවේ අරමුණ බවත්, 2023 පළමු කාර්තුවේදී ඍණ සියයට දහයකින් හැකිළුණු ආර්ථිකයේ මේ වන විට 5.3%ක වර්ධන වේගයක් ඇතිවී තිබෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය ආදායම සියයට පහළොවක් වන ප්‍රශස්ත මට්ටමකට ළඟා වෙමින් පවතී. මේ තුළින් රාජ්‍ය ආදායමත්, රාජ්‍ය මූල්‍ය පද්ධතියත් ශක්තිමත් කර, රට නිවැරදි මාර්ගයකට ගෙන යා යුතුය. සමාජය යහපත්ව පවත්වාගෙන යෑමට රාජ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම