චීන ජනපති ගේ විශේෂ නියෝජිතයා දකුණු අප්‍රිකානු ජනපතිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වෙයි
2024-06-17 19:44:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත Xiao Jie මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට නියමිතයි. එම උත්සවය ලබන 19වැනිදා Pretoria නුවර දී පැවැත්වේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(17) මේ පිළිබඳව ප්‍රකාශ කල අතර, චීන-දකුණු අප්‍රිකා සබඳතා වර්ධනයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව පැවසීය. දකුණු අප්‍රිකාව සමඟ එක්ව උත්සාහයෙන්, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එසේම ජාත්‍යන්තරව සහ කලාපීය වශයෙන් උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-දකුණු අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත්, නව දකුණු අප්‍රිකානු රජය සමඟ එක්ව කටයුතු කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව, Lin Jian මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම