9 වැනි චීන-ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන්ගේ වාර්ෂික හමුව පැවැත්වේ
2024-06-17 18:15:32
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා අද(17) Canberra අගනුවර පැවති 9 වැනි චීන-ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන් අතර වාර්ෂික හමුවට එක් වෙති. චීන ඔස්ට්‍රේලියා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව අනුගමනය කරමින් දෙරටේ සබඳතාව වර්ධනය කිරීමේ ප්‍රවණතාව තහවුරු කිරීම, කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට ‍දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟ වූහ.

චීනයේ හා ඔස්ට්‍රේලියාවේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ 10වැනි සංවත්සරය මේ වසරට යෙදෙන බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ගෙවී ගිය වසර 10 තුළ දෙරටේ සබඳතාව සංවර්ධනය වීමේදී වැදගත් ම අත්දැකීම් වන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය, වෙනස්කම පිළිගැනීම, අන්‍යෝන්‍ය වාසි සහයෝගිතාවන් ය. ඔස්ට්‍රේලියාව සමග වඩාත් ස්ථීර මෙන් ම ඵලදායී සබඳතාවක් බිහි කරමින් දෙරටේ ජනතාවගේ සුභසෙත සැලසීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය.

එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීන තායිවාන බෙදුමට ඔස්ට්‍රේලියාව අනුබල නොදෙන බව එරට අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා එහිදී කීය. චීනය සමග දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ 10 වැනි සංවත්සරය සැමරීම ප්‍රයෝජනයට ගනිමින් විවිධ ක්ෂේත්‍රවල සංවාද හා සහයෝගිතා ගැඹුරු කරමින් දෙරටේ සබඳතාව තිරසරව වර්ධනය කිරීම ප්‍රවර්ධනය කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එම හමුවෙන් පසු දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන බොහොමයක් අත්සන් තබා ඇත. එමෙන්ම දෙපාර්ශ්වය චීන ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන්ගේ වාර්ෂික හමුවේ ඒකාබද්ධ ප්‍රතිඵල නිවේදනය ද නිකුත් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම