වෛද්‍ය වැඩ වර්ජනයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියානු රජයෙන් හදිසි සෞඛ්‍ය සැලැස්මක්
2024-06-17 10:37:13
Share with:

දකුණු කොරියානු රජය අද (17) හදිසි සෞඛ්‍ය සැලැස්මක් ක්‍රියාත්මක කරමින් දරුණු රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා හදිසි හුවමාරු ප්‍රතිකාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. පවතින වෛද්‍ය පුරප්පාඩු හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙය දියත් කර ඇත. එමෙන්ම දකුණු කොරියාවේ වෛද්‍ය කණ්ඩායම් හෙට (18) පැවැත්වීමට නියමිත දැවැන්ත වැඩ වර්ජනයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම හදිසි පියවර ගත් බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-soo මහතා ඊයේ (16) ප්‍රකාශ කර ඇත.

දකුණු කොරියානු රජය පෙබරවාරි මස මුලදී වෛද්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් පුළුල් කිරීමේ සැලැස්මක් ආරම්භ කර තිබේ. ඒ සඳහා දකුණු කොරියාවේ වෛද්‍ය ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කර ඇත. රෝහල් වෛද්‍යවරුන් සහ අභ්‍යාසලාභීන් 10,000ක් පමණ සිය ඉල්ලා අස්වීම් ලිපි ඉදිරිපත් කර ඇති අතර සිය තනතුරු හැර යාම සඳහා වැඩ වර්ජන සිදු කිරීමෙන් එරට රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා දීමේ දී අවුල් සහගත තත්ත්වයක් මතුව තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම