චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සංසදය තායිවාන ප්‍රදේශයේ ජනතාවගේ ඉහළ අවධානයට
2024-06-16 16:12:17
Share with:

චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සංසදය තායිවාන ප්‍රදේශයේ ජනතාවගේ ඉහළ අවධානයට ලක් වෙයි.

‘ජනතා හුවමාරු පුළුල් කරමින් ඒකාබද්ධ සංවර්ධනය තහවුරු කිරීම’ යන මැයෙන් යුත් 16 වැනි තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සංසදය ඊයේ (15) චීනයේ Fujian පළාතේ දී ඇරඹිණ.

චීන ජාතියේ පොදු ප්‍රතිලාභ හා දිර්ඝකාලීන සුබසෙත සංසදයේ ප්‍රමුඛ අවධානය දිනා ඇත. චීනයේ තායිවාන ප්‍රදේශය හා චීන මහ ගොඩබිම අතර සබඳතාව මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම ද එහි ප්‍රධාන අරමුණකි. ජනතා හුවමාරු සහ සබඳතා යළි පණගැන්වීම ද සංසදය අපේක්ෂා කරයි.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සංසදය චීනයේ තායිවාන ප්‍රදේශය හා මහ ගොඩබිම අතර ක්‍රියාවට නැංවෙන පුළුල්තම පොදු මානව හුවමාරු වේදිකාවයි. 2009 වසරේ සංසදය ආරම්භයේ සිට මේ දක්වා, එය චීන තායිවාන ජනතාව ලක්ෂයකට අධික පිරිසකගේ ආකර්ෂණයට ලක් ව තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම