‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට
2024-06-16 16:54:03
Share with:

චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ‘සහජීවන මෙහෙයුම-2024’ අරඹයි. අද (16) පෙරවරු 10 ට Zhejiang පළාතේ Zhoushan හි පිහිටි හමුදා වරායකින් එම නෞකාව පිටත් ව ගියේ ය.
මෙවර මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13 ක චාරිකා කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සපයනු ඇත. ‘Peace Ark’ නෞකාව මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරට නිල සංචාරයන්ට ද එක්වීමට නියමිතය.