අභියෝග හමුවේ නොසැලෙන නුග වනස්පතීන්ගේ අසමසම ජීව ශක්තිය සහ චීන නායකයාගේ උරුමය
2024-06-16 19:41:06
Share with:

නුග ගසෙහි ඇත්තේ විස්මිත ජීව ශක්තියකි. භූමිය කෙතරම් නිසරු වුවද, ගල් තලා සහිත වුවද, එය සියල්ල අභිභවා, සවිමත් ව නැගී සිටී.

2000 වසරේ මාර්තු 12 වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පියා වන Xi Zhongxun මහතා, සිය පවුලේ අය සමග එක්ව නුග පැළයක් රෝපණය කළේය. ඒ, Guangdong පළාතේ Shenzhen හි පිහිටි ඔවුන්ගේ නිවස වන "Lan yuan" හි අංගණයේ යි. ඔහු එවකට 87 වැනි වියේ පසු විය.

ඔහු එහිදී තමා වටා සිටි කාර්ය මණ්ඩලයට පැවසුවේ "මමත් නුගරුක සේම Shenzhen හි මුල් බැස ගැනීමට සූදානම්" යනුවෙනි.

Guangdong පළාතේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ ප්‍රධාන පුරෝගාමියෙකු ලෙස, Xi Zhongxun මහතා මෙම නුග ගස රෝපණය කරමින් සංකේතවත් කළේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සඳහා කේන්ද්‍රීය අඩිතාලමක් සැකසීම සම්බන්ධයෙන් ඔහු වෙත පැවති උනන්දුව හා කැපවීම යි.

1978 වසරේ දෙසැම්බරයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 11 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිවාරය ආර්ථික සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රීය අවස්ථාවක් ලෙස, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඓතිහාසික තීරණයකට එළඹිණ. එමගින් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සහ සමාජවාදී නවීකරණ සංවර්ධනය සඳහා නව ඓතිහාසික කාල පරිච්ඡේදයක ආරම්භය සටහන් කරනු ලැබීය.

මාස කිහිපයකට පසු, එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ Guangdong පළාත් කමිටුවේ පළමු ලේකම්වරයා වූ Xi Zhongxun මහතා මධ්‍යම සභාවේ කාර්ය රැස්වීමකට සහභාගි වූ අවස්ථාවේ යෝජනා කළේ, Guangdong පළාතට වැඩි ස්වයං පාලනයක් ලබා දී ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රථමයෙන් එහි ක්‍රියාත්මක කරන ලෙසයි.

හෙතෙම මෙම විශේෂ යෝජනාව ඉදිරිපත් කළේ Guangdong පළාතේ පුළුල් පර්යේෂණ සිදුකිරීමෙන් පසුවයි. Guangdong හි වසර දෙකකට වැඩි කාලයක් සේවය කරන අතරතුර, Xi Zhongxun මහතා එහි පුරෝගාමී කාර්යයන් රැසක ද නිරත විය.

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාවට නැංවූ ආරම්භක යුගයේ දී, Guangdong පළාතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තම පියා අනුගමනය කළ විශිෂ්ට භාවිතයන් ෂී ජින්පිං මහතා කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. 1982 වසරේ රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ සේවයේ නිරත ව සිටි ෂී ජින්පිං මහතා ප්‍රාදේශීය රැකියාවක් සඳහා අයදුම් කළේය. ඒ අනුව ඔහු රාජ්‍ය මණ්ඩල කාර්යාලයෙන් ඉවත් වී චෙන්ඩිං, ෆූජියන්, චජියැං සහ ෂැංහයි යන ප්‍රදේශවල සේවය කළේය.

පියාගෙන් පුතාට උරුම වූ දුෂ්කරතාවන්ට බිය නොවීමේ ජීවගුණය මෙන්ම තිරසර අයුරින් නව්‍යකරණයේ නියැලීම යන කොමියුනිස්ට්වාදීන්ගේ පරම්පරා දෙකක ප්‍රතිසංස්කරණ දැක්ම ඉන් පැහැදිලි වේ.

2012 වසරේ දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත් වූ ෂී ජින්පිං මහතා සිය පළමු ප්‍රාදේශීය නිරීක්ෂණ චාරිකාව සඳහා Guangdong පළාත තෝරාගත්තේය. එම පළාතේ Shenzhen හි Lianhuashan උද්‍යානයේ දී, ඔහු Deng Xiaoping මහතාගේ ලෝකඩ ප්‍රතිමාවට පුෂ්පෝපහාර ප්‍රදානය කළ අතර, එහි පිහිටි කඳු මුදුනේ නුග පැළයක් රෝපණය කළේය.

මේ වන විට Shenzhen නුවර, Xi Zhongxun සහ Xi Jinping පිය-පුතු දෙපළ විසින් රෝපණය කරන ලද නුග වෘක්ෂයෝ අභිමානයෙන් අහස උසට නැගී සිටිති.

එසේම, චීනය අඛණ්ඩ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් සිටී. ඒ, මහපොළොව අභ්‍යන්තරයට මුල් බැසගත්, දුෂ්කරතාවන්ට බිය නොවන නුග ගසේ විස්මිත ජීවශක්තිය නොසැලී ප්‍රකට කරමිනි.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම