‘උරුමය’ වැඩසටහන යටතේ මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්
2024-06-16 17:34:25
Share with:

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ හිමිකම් සහතික කිරීමට ‘උරුමය’ වැඩසටහන මගින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20 ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය සඳහා මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5000 ක් ලබාදීමට නියමිත අතර ඉන් 442 ක් ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ප්‍රදානය කෙරිණ.

මෙරට ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20 ක් පමණ සිටින බවත්, ඔවුන් වෙනුවෙන් ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපතිවරයා පැවසීය. ආසියාවේ කිසිදු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී නැත. මේ නිසා උරුමය වැඩසටහන කිසියම් විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකි බව ද හෙතෙම කියාසිටියේය.

නිරන්තරයෙන් උතුරු පළාතට පැමිණෙන ජනාධිපතිවරයා එහි විවිධ මට්ටම්වල පවතින ගැටලු සෘජුව විමසා බැලීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ජනාධිපතිවරයාට කෘතවේදීත්වය පළකළාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම