රුසියානු - ශ්‍රී ලංකා අන්තර්රාජ්‍ය කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් තෘප්තිමත් බව අගමැති කියයි
2024-06-16 19:02:52
Share with:

වෙළඳ හා ආර්ථික සහ විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතා පිළිබඳ රුසියානු - ශ්‍රී ලංකා අන්තර්රාජ්‍ය කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් බෙහෙවින් තෘප්තිමත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රුසියානු තානාපති ලෙවන් එස්. ෂගාරියන් මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවේ දී අගමැතිවරයා මේ බව කියාසිටියේය. රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් අගමැතිවරයා තානාපතිවරයා වෙත සුබ පැතුම් පිරිනැමීය.

තානාපති ලෙවන් එස්. ෂගාරියන් මහතා මෙහිදී කියාසිටියේ දෙරට අතර සබඳතා සහ මිත්‍රත්වය පුළුල් කිරීමට කැප වී ක්‍රියාකරන බවයි. වෙළඳ, ආයෝජන, අධ්‍යාපන, සංචාරක සහ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීමේ හැකියාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම