උපාධිධාරී ගුරු පත්වීම් 2500 ක් ජූලි මාසයේ දී
2024-06-16 17:38:07
Share with:

ලබන ජූලි මස මුල් සතිය වනවිට උපාධිධාරී ගුරු පත්වීම් 2500 ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මේ යටතේ, සිංහල, ඉංග්‍රීසි, හා දෙමළ මාධ්‍යවලින් ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීවවිද්‍යාව යන විෂයයන් ඉගැන්වීම සඳහාත්, විදේශ භාෂා ඉගැන්වීම සඳහාත් උපාධිධාරීන් බඳවා ගැනෙනු ඇත.  

අදාළ උපාධිධාරීන් පිරිස මේ වනවිට විභාගයකින් සුදුසුකම් ලබා, සම්මුඛ පරීක්ෂණ සඳහා ද පෙනී සිට ඇතැයි ද අමාත්‍යවරයා පවසයි. නිදහස් අධ්‍යාපනයේ උසස් තත්ත්වය සහතික කරමින් සිසුන්ට දක්ෂතම ගුරුවරුන් ලබාදීම රජයේ  අපේක්ෂාව යි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අදහස් පළකළේ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම