චීනය සහ ඔස්ට්‍රේලියාව අතර සහයෝගිතාවයට දැවැන්ත පැසිෆික් සාගරය තරණය කර පොදු ජයග්‍රහණ අත්කර ගත හැකි බව චීන අගමැති කියයි
2024-06-16 16:48:57
Share with:

චීනය සහ ඔස්ට්‍රේලියාව අතර සහයෝගිතාවයට දැවැන්ත පැසිෆික් සාගරය තරණය කර, වෙනස්කම් අභිභවා පොදු ජයග්‍රහණ අත්කර ගත හැකි බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා කියාසිටී.

චීන අගමැතිවරයා මේ බව පැවසුවේ, ඇඩිලේඩ් නුවර චීන-ඔස්ට්‍රේලියානු සහයෝගිතා සත්වෝද්‍යානයේ චාරිකාවකට ඊයේ (15) එක් වූ අවස්ථාවේ දී ය. දකුණු ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර Frances Adamson, එම ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය Peter Malinauskas, එරට විදේශ කටයුතු අමාත්‍ය Penny Wong සහ වෙළෙඳ සහ සංචාරක අමාත්‍ය Don Farrell යන මහත්වරු ද මේ චාරිකාවට එක්ව සිටියහ.

යෝධ පැන්ඩාවුන් වෙසෙන එකම ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානය ද එය යි. එහි ඇති පැන්ඩා මණ්ඩපය නිරීක්ෂණය කළ චීන අගමැතිවරයා පැන්ඩා අභිජනනය සහ රැකබලා ගැනීම පිළිබඳ චීන සහ ඔස්ට්‍රේලියානු ප්‍රවීණයන්ගේ වාර්තාවලට සවන් දුන්නේය.

ලොව දකුණු අර්ධගෝලයේ වෙසෙන එකම යෝධ පැන්ඩා යුවළ වන වං වං සහ ෆු නි ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ වාසය කිරීම පිළිබඳව තමා සතුටු වන බව ලී ච්‍යං මහතා පැවසීය.  තම උපන් බිමෙන් බොහෝ දුරස් ව සිටිය ද ඔවුහු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් සිටිති. චීනය සහ ඔස්ට්‍රේලියාව අතර මිත්‍රත්වයේ නියෝජිතයන් වන මෙම යෝධ පැන්ඩාවුන් දෙරට අතර සබඳතාවයේ ප්‍රබල සංකේතයක් බවට ද පත්ව ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම