ජනතාවාදී චීන නායකයාගේ උතුම් අභිලාෂය
2024-06-15 17:18:31
Share with:

මහජනතාව සමග එක්ව වැඩකිරීම සම්බන්ධයෙන් පුළුල් අත්දැකීම් සහිත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජනතාවාදී නායකයෙකි. ජනතාවාදීත්වය ඔහුගේ සිතේ ගැඹුරු තැනක නිදන් ව පවතින බවට ඔහුගේ ක්‍රියා පිළිවෙත ම සාක්ෂි දරයි.

1955 වසර වනවිට 16 වැනි වියේ පසු වූ ෂී ජින්පිං තරුණයා Shaan’xi පළාතේ Liangjiahe ගම්මානයට පැමිණ එහි ජනතාව සමග ගුහා නිවාසවල වාසය කළේය. ඔහු රාත්‍රියේ දී නිදාගත්තේ එම ප්‍රදේශයන්ට ආවේණික වූ උණුසුම් කළ හැකි ගඩොලින් තැනූ ඇඳන්වල යි. කලක් ඇවෑමෙන් එම ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ශාඛා ලේකම්වරයා බවට පත්වීමෙන් පසු, ඔහු විවිධ කාර්යයන්හි දී ජනතාවට නායකත්වය දුන්නේය. ගැමි ජනතාව සමග එක් වූ ෂී ජින් පිං මහතා ළිං හාරමින්, හෙල්මළු ඉදිකරමින් වගා ව්‍යාපෘති දියත් කළේය. මේ අවස්ථාවල දී එම ජනතාවගේ මිතුරෙකු බවට පත් වූ ඔහු ඔවුන් සමග වැඩ කළේ අපමණ ළෙන්ගතුකමකින් යුතුව යි.

‘අපගේ අරගලයේ අරමුණ වන්නේ සුන්දර ජීවිතයක් පිළිබඳව ජනතාවට ඇති අභිලාෂය සාක්ෂාත් කරදීම යි’ යනුවෙන් ෂී ජින්පිං මහතා අධිෂ්ඨානශීලී ව කියා සිටියේ, 2012 වසරේ නොවැම්බර් මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට තේරී පත්වූ අවස්ථාවේ දී යි. එතැන් සිට රට පුරා විවිධ ප්‍රදේශවල බිම් මට්ටමේ ජනතාවගේ දිවිපැවැත්ම නිරීක්ෂණය සඳහා ඔහු චාරිකාවන් හි නිරත වූ අවස්ථා ගණන 100 කට අධික ය. ජනතාව කෙරෙහි දක්වන ප්‍රශස්ත සැලකිල්ල රටේ අත්‍යවශ්‍යතාව බව ෂී ජින්පිං මහතා සෑමවිටම අවධාරණය කරන කරුණකි.

ග්‍රාමීය ප්‍රදේශයක චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයෙකු වූ ෂී ජින්පිං මහතා රටේ උත්තරීතර නායකත්වය දක්වා පැමිණි ගමන අතිශයින්ම ජනතා කේන්ද්‍රීය මෙහෙවර සහතික කළ චාරිකාවකි. ජනතාව වෙනුවෙන් ඇපකැප වීම ඔහුගේ උතුම්, අභිමානවත් හා නොසැලෙන දැක්මයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම