ඇමරිකාව හා රුසියාව සතු න්‍යෂ්ටික සබ්මැරීන එකම අවස්ථාවක කියුබාවේ නැංගුරම් ලෑම ජගත් ප්‍රජාවේ අවධානයට
2024-06-15 17:12:50
Share with:

ඇමරිකාව හා රුසියාව සතු න්‍යෂ්ටික සබ්මැරීන එකම අවස්ථාවක කියුබාවේ නැංගුරම් ලෑම ජගත් ප්‍රජාවේ අවධානයට ලක්වෙයි.

ඇමරිකානු සබ්මැරීනය කියුබාවට ළඟාවූයේ සිය සන්නද්ධ හැකියාව විදහා දැක්වීම සඳහා බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර, තමන් විසින් සපයන ලද අවිආයුධවලින් රුසියාවේ ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකාව ඇතුළු රටවල් රැසක් පසුගිය දා යුක්රේනයට අවසර ලබා දී තිබේ. මේ තත්ත්වය යටතේ ඇමරිකාව හා රුසියාව අතර පවතින ගැටුම් තවදුරටත් තීව්‍ර වෙමින් පවතී. ඇමරිකානු හා රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන එකම අවස්ථාවක කියුබාවට ළඟාවීම අහඹු සිදුවීමක් වුවත් නැතත් පවතින උණුසුම් තත්ත්වය යටතේ ලොව දැවැන්ත නාවික බලවේග දෙකක් කියුබාවට ළඟා වීම අවධානය යොමු විය යුතු කරුණකි

කෙසේ වෙතත්, ඇමරිකානු නාවික හමුදාව එම ප්‍රදේශයට තවදුරටත් නෞකා යවන්නේ ද නැද්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය වාර්තා පවසයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම