කුලී නිවෙස් හිමියන්ට නව බද්දක්
2024-06-15 18:36:31
Share with:

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති නවතම සවිස්තරාත්මක වාර්තාවක මේ බව දැක්වේ.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. මෙම බද්ද 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇතැයි ද එම වාර්තාව කියයි.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් එමගින් ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයි. මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළයුතු බවත්, එම දත්ත ගබඩාවට සියලු දේපළ පිළිබඳ යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම