යළි තේරී පත් වූ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුබපැතුම්
2024-06-15 18:27:23
Share with:

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ Cyril Ramaphosa මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (14) යොමුකෙරිණ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ගෝලීය දකුණු සහයෝගිතාව පිළිබඳ ආදර්ශයක් වන චීනය සහ දකුණු අප්‍රිකාව විවිධ ක්ෂේත්‍රවලින් පුළුල් සබඳතාවක් මෙන්ම ප්‍රබල අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසයක් තහවුරු කර ඇති බව චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් කියාසිටී.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති සිය දකුණු අප්‍රිකානු රාජ්‍ය සංචාරයේ දී තමා Cyril Ramaphosa මහතා සමග පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් වැදගත් එකඟතාවකට පැමිණි බව ෂී ජින් පිං මහතා එහිදී සිහිපත් කර ඇත. එමගින් හවුල් අනාගතයක් සහිත, උසස් මට්ටමේ චීන-දකුණු අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් සටහන් වූ බව ද හෙතෙම පැවසීය.

චීන-දකුණු අප්‍රිකා සබඳතා වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙන තමා  චීන-දකුණු අප්‍රිකානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව මට්ටමකට ඔසවා තැබීම සඳහාත්, ලෝක සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීමටත් Ramaphosa මහතා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම