ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් වේදිකාව ජනපති ප්‍රධානත්වයෙන් දියත් කෙරේ
2024-06-15 19:14:00
Share with:

නව ආර්ථික පරිවර්තනයේ දී ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සමග ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ, ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් වේදිකාව www.publiclearn.lk නමින් නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එය, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 13 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරිණ.

“Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල මගින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයන් යොමු කරවන අන්තර්ජාල වේදිකාවකි. මෙය රීජන්ට් ග්ලෝබල් ආයතනය විසින් ක්‍රියාත්මක කෙරෙන අතර එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ප්‍රජාව අරමුදල් සපයා ඇත.

මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට රැගෙන යාම මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳ සුවිශේෂී අවස්ථාවක් වන බව ජනාධිපතිවරයා පැවසීය.  ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභය හිමි කර දීම වෙනුවෙන් රීජන්ට් ග්ලෝබල් ආයතනයට ද හෙතෙම සිය ස්තුතිය පුදකළේය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූ එක්සත් රාජධානියේ හිටපු අධ්‍යාපන ලේකම් ශ්‍රීමත් ගැවින් විලියම්සන් මහතා පැවසුවේ පොදු ඉගෙනුම් සංවර්ධනය සෑම වයස් කාණ්ඩයකම ප්‍රජාවට අවශ්‍ය රැකියා සඳහා අවශ්‍ය කුසලතා ගොඩනගා ගැනීමට මෙන්ම ඔවුන්ට වැඩි මුදලක් උපයා ගැනීමට ඉවහල් වනු ඇති බවයි.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම