රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් සඳහා රුසියානු ජනපතිගෙන් යළිත් කොන්දේසි
2024-06-15 15:59:35
Share with:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් සඳහා යළිත් වරක් කොන්දේසි ඉදිරිපත් කරයි. ඒ, රුසියානු විදේශ අමාත්‍යාංශ පරිපාලනය සමග ඊයේ (14) පැවති සමුළුවට එක්වෙමිනි.

යුක්රේනය Donetsk, Luhansk, Zaporozhye සහ Kherson යන ප්‍රදේශවලින් හමුදා ඉවත් කර නේටෝවට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළ පසු රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බවත්, හැකි ඉක්මණින් සාකච්ඡා ආරම්භ කරන බවත් පුටින් මහතා පැවසීය.

යුක්රේනය ස්වාධීනව සිය තීරණය ගත යුතු බව ද පුටින් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම