චීන - නවසීලන්ත අගමැතිවරුන් ඕක්ලන්ඩ් හි Fonterra සමාගම් මූලස්ථානයේ චාරිකාවක
2024-06-15 17:04:54
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon මහතා ඕක්ලන්ඩ් හි පිහිටි නවසීලන්ත Fonterra සමාගම් මූලස්ථානයට පැමිණෙති. ඒ, අද (15) උදෑසනයි.

චීනය සහ නවසීලන්තය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතාව විචිත්‍රවත් කරන Fonterra සමාගම් සමූහය වසර 40 කට වැඩි කාලයක් චීනය සමග ඉතා සමීපව සම්බන්ධ වී ඇති අතර, චීනය තුළ ව්‍යාපාර අඛණ්ඩව ව්‍යාප්ත කර ඇති බව Li Qiang මහතා එහිදී පැවසීය. චීන වෙළෙඳපොළේ පවතින ඉල්ලුමේ විභවය ඉතා ප්‍රබල වන අතර, හරිත සංවර්ධනය සහ අනෙකුත් ක්ෂේත්‍රයන් හි ද්විපාර්ශ්වික සහයෝගිතා සඳහා ද පුළුල් අවකාශයක් පවතී. චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය නොසැලී තහවුරු කරන බවත්, පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් අඛණ්ඩව නිර්මාණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. උසස් තත්ත්වයේ සංවර්ධනය උදෙසා විදේශ ආයෝජන ව්‍යවසායන්ට සහාය වන බව ද ඔහු කියාසිටියේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරු දෙපළ නවසීලන්ත කෘෂිකාර්මික තාක්ෂණ ප්‍රදර්ශනය නැරඹීමට ද එක්වූහ. Li Qiang මහතා ඕක්ලන්ඩ් හි පිහිටි“එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘතියක් වන කිවි පලතුරු පිළිබඳ චීන-නවසීලන්ත ඒකාබද්ධ රසායනාගාරයේ චාරිකාවකට ද එක්විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම