තේ අපනයනයෙන් ඇ. ඩො. බිලියන 1.3 ක ආදායම් ඉලක්කයක්
2024-06-15 19:20:40
Share with:

තේ අපනයනයෙන් මෙම වසරේ දී ඇ. ඩො. බිලියන 1.3 ක ආදායමක් ලබා ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය විශ්වාසය පළ කරයි. එමෙන්ම ගත වූ මාස 6 තුළ තේ අපනයනයෙන් ඇ. ඩො. මිලියන 110 ක ආදායමක් ඉපයීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා කියාසිටී.

ඔහු මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග 13 වැනිදා පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී ය. 

වසරේ පළමු මාස 6 තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනයේ අඩුවීමක් වාර්තා වුව ද දෙවැනි මාස 6 දී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම