බ්‍රසීල - චීන සහයෝගිතාවයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමි ව ඇතැයි බ්‍රසීල උපජනාධිපති කියාසිටී
2024-06-15 17:30:36
Share with:

චීනය විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය ඔස්සේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බව බ්‍රසීල උපජනාධිපති Geraldo Alckmin මහතා පවසයි. බ්‍රසීල - චීන සහයෝගිතාවයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමි ව ඇති අතර දෙරට මිත්‍රත්වය ද මනාව තහවුරු වී ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි. 

Geraldo Alckmin මහතා මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම වසරේ දී චීනය සහ බ්‍රසීලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 50 ක් සපිරේ. ගෙවුණු දශක 5 තුළ බ්‍රසීලය සහ චීනය බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කර ඇති බව ද Geraldo Alckmin මහතා කියාසිටියේය. එසේම දෙරට විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ද ස්ථාපිත කර ඇත.

චීනය සමඟ වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවූ පළමු ලතින් ඇමරිකානු රට වන්නේ බ්‍රසීලය යි. චීනය වසර ගණනාවක් තිස්සේ බ්‍රසීලයේ විශාලතම වෙළඳ සහකරු මෙන් විශාලතම අපනයන වෙළඳපොළ ද වේ. දෙරට අතර වෙළඳ සහයෝගිතා විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි ද Geraldo Alckmin මහතා පෙන්වා දී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ සහ බ්‍රසීලය යෝජනා කළ "ප්‍රති-කාර්මිකකරණ" සැලැස්ම ඉතා යහපත් අන්‍යෝන්‍ය සම්බන්ධීකරණයක් ගොඩනගා ඇති අතර දෙරට ආර්ථිකයන්හි විශාල අනුපූරකත්වයක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

දිළිඳුකම පිටුදැකීම, ආර්ථික වර්ධනය සහ විද්‍යා හා තාක්ෂණික ප්‍රගතිය සහතික කිරීම අතින් චීනය ප්‍රමුඛ හා ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කර ඇත. බහුපාර්ශ්වික සංවිධාන ශක්තිමත් කොට එය සවිබල ගැන්වීමට සහාය වන අතර වඩාත් සාධාරණ, සාමකාමී සහ එක්සත් ලෝකයක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව ද Geraldo Alckmin මහතා අවාරධණය කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම