‘චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයේ නව රටාවක් ආරම්භ කිරීම’මැයෙන් යුතු චීන ජනපතිගේ ලිපිය හෙට (16) පළ වේ
2024-06-15 17:41:32
Share with:

‘චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයේ නව රටාවක් ආරම්භ කිරීම’යන මැයෙන් යුතු, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය ‘Qiushi’ සඟරාවේ පළ වේ.

එය හෙට (16) ප්‍රකාශයට පත්වන‘Qiushi’සඟරාවේ 12 වැනි කලාපයේ  පළකෙරෙනු ඇත. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2024 වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ෂී ජින් පිං මහතා උසස් තත්ත්වයේ සංවර්ධනය පිළිබඳව කළ වැදගත් ප්‍රකාශයන්හි උධෘත එම ලිපියේ අන්තර්ගත වෙයි.

චීනයේ ආර්ථිකය ශීඝ්‍ර වර්ධන අවදියක සිට උසස් තත්ත්වයේ සංවර්ධන අවදියකට පරිවර්තනය වී ඇතැයි එම ලිපිය පෙන්වාදෙයි.

උසස් තත්ත්වයේ සංවර්ධනය "14 වැනි පස් අවුරුදු සැලැස්ම" ට අදාළ කාලයේ සහ ඉන් පරිබාහිර දිගු කාලයක් තුළ චීන ආර්ථික හා සමාජ සංවර්ධනයේ ප්‍රධාන අංගයක් බවට පත් ව තිබේ. නවීන සමාජවාදී රටක් අංගසම්පූර්ණ වශයෙන් ගොඩනැගීම පිළිබඳ මූලික කාර්යය වන උසස් තත්ත්වයේ සංවර්ධනය නොසැලී ප්‍රවර්ධනය කළ යුතු බව ද ෂී ජින් පිං මහතාගේ ලිපියෙන් අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම