ගාසා තීරයේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට චීනයෙන් අඛණ්ඩ ප්‍රයත්න
2024-06-14 18:47:54
Share with:

ගාසා තීරයේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම් වෙයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ‍මේ බව පැවසීය.

මේ අතර, තම සංවිධානය ඊශ්‍රායලය සමග එළඹුණු ගිවිසුම නිසි ලෙස පවත්වා ගන්නා බවට සහතිකයක් සපයන්නැයි හමාස් බලධාරීන් චීනය, රුසියාව හා තුර්කිය යන රටවලින් ඉල්ලා ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා පළ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ නව ගැටුම් හටගත්දා සිට අරාබි රටවල් ඇතුළු ලොව විවිධ කලාපීය රටවල් සමග චීනය නිසි සහයෝගිතා පවත්වා ඇති බවයි. වර්තමානයේ එම ප්‍රදේශයේ අත්‍යවශ්‍යතාව වනුයේ සටන් විරාමය කඩිනමින් සාක්ෂාත් කර ගැනීම යි. ඒ වෙනුවෙන් විවිධ පාර්ශ්ව සමග එක්ව ද්වි-රාජ්‍ය විසඳුම තහවුරු කිරීම සඳහා දායක වීමට චීනය සූදානම් බව ද Lin Jian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම