දෙවන චීන-ඇමරිකා Track 1.5 සංවාදය බෙයිජිංහි දී
2024-06-14 10:57:25
Share with:

චීන-ඇමරිකා දෙවන Track 1.5 සංවාදය පැවැත්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව සහ ඇමරිකාවේ ආසියා සංගමය ඊයේ (13) බෙයිජිංහි දී ඒකාබද්ධව මෙම සංවාදය ‍සංවිධාන කර ඇත.

"ප්‍රධාන හා හදිසි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම" යන තේමාව යටතේ එහිදී දෙපාර්ශ්වය ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

චීන-ඇමරිකා සබඳතාව ස්ථාවර ලෙස සංවර්ධනය වීම දෙරටේ ජනතාවගේ අවශ්‍යතාවලට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට වඩාත් සුදුසු බව දෙපාර්ශ්වයම විශ්වාස කරති. දෙරට අතර ගැටුම් වළක්වා ගනිමින් සාමකාමී සහජීවනය අනුගමනය කළ යුතු අතර, ආර්ථික හා වෙළඳ, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කළ යුතු බවට ද එකඟ වී ඇත. සංස්කෘතික හුවමාරු තුළදී විශේෂයෙන් තරුණ හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කර ඇත. විශාල රටවල් ලෙස සිය වගකීම් නිසි ලෙස තහවුරු කරමින් සාමුහිකව ගෝලීය අභියෝගවලට මුහුණ දිය යුතු බව දෙපාර්ශ්වය පෙන්වා දී තිබේ.

මෙම සංවාදය තවදුරටත් ශක්තිමත් කරමින්, චීන-ඇමරිකා සබඳතාව  ස්ථාවර හා යහපත් සංවර්ධන මාර්ගයක් වෙත යොමු කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව දෙපාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම