චීනය සහ යුරෝපා සංගමයේ ඒකාබද්ධ ප්‍රයත්න ලොවට ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතැයි චීනය කියයි
2024-06-14 17:10:40
Share with:

චීන -යුරෝපා සංගම් දෙපාර්ශ්වයට හරිත සංවර්ධන ක්ෂේත්‍රයේ පුළුල් හා පොදු අයිතිවාසිකම් මෙන්ම ප්‍රබල සහයෝගිතා පවතින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

පරිසරය හා දේශගුණය පිළිබඳ පස්වැනි චීන-යුරෝපා සංගම් උසස් පෙළේ සංවාදය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, එම සංවාද යාන්ත්‍රණය 2020 වසරේ  ස්ථාපිත වූ දා සිට දෙපාර්ශ්වය සිව් වතාවක් සාර්ථකව සංවාද පවත්වා ඇති බවයි.

පාරිසරික හා දේශගුණ පාලනය පිළිබඳ ගෝලීය අභියෝගවලට පොදුවේ මුහුණදීම, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ප්‍රතිපත්ති සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා ප්‍රවර්ධනය යන අංශ ඔස්සේ චීනය සහ යුරෝපා සංගමය ලොවට ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද Lin Jian මහතා එහිදී සඳහන් කළේය.

මේ අතර, චීන උපඅගමැති Ding Xuexiang මහතා ලබන 17 - 21 දක්වා බ්‍රසල්ස් හි පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයේ පැවැත්වෙන පරිසරය හා දේශගුණය පිළිබඳ පස්වැනි චීන-යුරෝපා සංගම් උසස් පෙළේ සංවාදයට එක්වීමට නියමිතය. ඒ, ලක්සම්බර්ග් නියෝජ්‍ය අගමැති Xavier Bettel මහතාගේ ආරාධනයක් අනුව යි.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම