චීන මෝටර් රථවලට තුර්කිය අතිරේක තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධාන රෙගුලාසි උල්ලංඝනය කිරීමක් - චීනය
2024-06-14 18:46:12
Share with:

චීනයේ මෝටර් රථවලට එරෙහිව තුර්කිය විසින් අතිරේක තීරු බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට නොගැලපෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Linjian මහතා මේ බව පැවසුවේ අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය.

තුර්කිය විසින් චීනයේ ඉන්ධන මෝටර් රථ හා ඉන්ධන හා විදුලියෙන් ක්‍රියා කරන මෝ‍ටර් රථවලට අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෑත වසරවල  චීනය සහ තුර්කිය අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බවත්, එමගින් තුර්කියේ ආර්ථික සංවර්ධනයට මනා පිටුබලයක් හිමි වූ බවත් ය. තුර්කියේ මෙබඳු ක්‍රියා ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට පටහැනි වන අතර, එය දෙරටේ ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවට ද නොගැලපෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම