චීන අගමැති සහ නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවක්
2024-06-14 16:34:52
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය අද (14) පස්වරුවේ ඕක්ලන්ඩ් හිදී පැවැත්විණ. ඕක්ලන්ඩ් වාණිජ මණ්ඩලය සහ නවසීලන්ත-චීන වෙළඳ සංගමය ඇතුළු නවසීලන්ත වාණිජ මණ්ඩල සහ සමාගම් 20 ක පමණ ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය ඔස්සේ චීන මාදිලියේ නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කරන අතර, ආර්ථික ව්‍යුහය ඇතුළු සෙසු අංශවල සිදුකරන වැඩිදියුණු කිරීම් ගෝලීය සංවර්ධනය සඳහා නව අවස්ථා රැගෙන එනු ඇති බව චීන අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය. නවසීලන්තයේ සහ වෙනත් රටවල සමාගම් සඳහා චීනයේ දොරටු සෑමවිටම විවෘත ව පවතී. එසේම, චීනය වෙළඳපොළ ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් ඊට නැඹුරු වූ ජාත්‍යන්තර පළමු පන්තියේ නීත්‍යනුකූල ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරනු ඇත. එය චීනයේ ආයෝජන සහ ව්‍යාපාර පවත්වාගෙන යන විදේශීය සමාගම් සඳහා වැඩි සහයෝගයක් හා පහසුවක් වනු ඇතැයි ද Li Qiang අගමැතිවරයා පැවසීය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් කියාසිටියේ චීනයේ දියුණුව නවසීලන්ත ව්‍යවසායන්ට විශාල වෙළඳපොළක් සහ පුළුල් අවස්ථා තිළිණ කර ඇති බවයි. තම ප්‍රජාව ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට සහාය දෙන බවත්, අන්‍යෝන්‍ය යහපත සහ  පොදු ජයග්‍රහණ සඳහා චීනය සමඟ සහයෝගිතා පුළුල් කිරීමට සූදානමින් සිටින බවත් ඔවුහු පැවසූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම