ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සඳහා ගැනුණු සාර්ථක ක්‍රියාමාර්ගවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැසසුම්
2024-06-14 17:00:24
Share with:

ශ්‍රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් අනුගමනය කළ සාර්ථක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කරයි. එසේම, රජයේ මූලිකත්වයෙන් අත්පත් කර ගැනුණු ආර්ථික ප්‍රගතිය ද එම අරමුදලේ නිලධාරීන් අගය කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දෙවැනි සමාලෝචනය අවසන් වීම සම්බන්ධයෙන් අද (14) උදෑසන මාධ්‍ය හමුවක් පැවැත්විණ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බොයර් ඇතුළු කණ්ඩායම වොෂින්ටනයේ පිහිටි මූලස්ථානයේ සිට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්හ.

එහිදී බොයර් මහතා, පෙන්වා දුන්නේ, විදෙස් බැඳුම්කර ණය හිමියන් සමග පවතින එකඟතා, නිසි ඉලක්ක සපුරා ගැනීම අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව සංක්‍රාන්ති තත්ත්වයක සිට ආර්ථික ස්ථායිකරණයක් වෙත යොමුවෙමින් සිටින මේ අවස්ථාවේ සියලු ක්‍රියාකාරකම් විධිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් පවතින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම