චීනයේ විදුලි මෝටර් රථ සඳහා 38.1% ක අතිරේක තීරුබදු පැනවීමට සූදානම් වන බව යුරෝපා සංගමය පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මනියේ Volkswagen සමාගම පැවසුවේ ‘මෙම තීරණය ජර්මනිය ඇතුළු යුරෝපයේ සමස්ත මෝටර් රථ කර්මාන්තයේ තරගකාරීත්වයට හිතකර නොවන’ බවයි. යුරෝපය කළ යුතු වන්නේ මෝටර් රථ කර්මාන්තය විද්‍යුත්කරණය මගින් කාබන් ශූන්‍යත්වය සහතික කර හරිත පරිවර්තනයට පියවර ගැනීම මිස ආරක්ෂණවාදයට ආ වැඩීම නොවන බව ද එම සමාගම පෙන්වාදෙයි.
Volkswagen සමාගම පමණක් නොව, BMW, Mercedes-Benz ඇතුළු යුරෝපා සමාගම් ද යුරෝපා සංගමයේ එම තීරණයට විරෝධය පළ කර තිබේ.
සැබැවින්ම පසුගිය ඔක්තෝබර් මාසයේ යුරෝපා සංගමය තීරණය කර තිබුණේ චීනයේ විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් ප්‍රතිරෝධී පිළිවෙතක් අනුගමනය කිරීමටයි. එහිදී ඒ පිළිබඳව යුරෝපය තුළ ප්‍රබල මතභේද ද ඉස්මතු විය. එවැනි විරෝධයන් පවා නොතකා යුරෝපා සංගමය අත්තනෝමතිකව චීනයේ විදුලි මෝටර් රථ කර්මාන්තයට බාධා එල්ල කිරීමට උත්සාහ කරන්නේ ඇයි? එම සංගමය අභ්‍යන්තරයේ පවතින, සැඟවුණු ප්‍රතිලාභ මෙන්ම ඇතැම් පුද්ගලයන්ගේ ආකල්ප ද එහිදී පිළිබිඹු වෙයි.
'චීනයේ සංවර්ධනයට පීඩා එල්ල කළ යුතුය' යන ආකල්පය සහ සමානාත්මතාවයෙන් යුතු තරගයට මුහුණ දීමට ඇති බිය ඉන් මනාව පැහැදිලි වී ඇත. එසේ ම, ඇමරිකාව අනුගමනය කරමින් ඒ පිටුපස ගමන් කිරීමට ඇති වුවමනාව ද මෙහිදී කැපීපෙනේ.
පසුගිය මාසයේ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen යුරෝපයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ ඇමරිකාව සමග එක්ව චීනයේ විදුලි මෝටර් රථ කර්මාන්තය ඇතුළු විවිධ චීන කර්මාන්තවල ‘අධිධාරිතාව’ට මුහුණ දෙන ලෙස යුරෝපයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව තීරුබදු වැඩි කිරීමේ ඇමරිකානු ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම, යුරෝපය ඇමරිකාවට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසට සැලකිය හැකි බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, යුරෝපා සංගමය කල්පනා කළ යුතු එකම කරුණ නම්, චීන-යුරෝපා සහයෝගිතා අහිමි වීමේ අලාභය නොතකා චීනයට පීඩා එල්ල කිරීමේ ඇමරිකානු පිළිවෙත අනුගමනය කිරීම කොතෙක් දුරට සුදුසු ද යන්න පමණකි.