ඇමරිකාව ප්‍රමුඛ රටවල ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම් කෙරෙහි චීනයේ විරෝධය
2024-06-14 11:11:51
Share with:

ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් වෙනත් රටවල් කෙරෙහි ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර යොදා ගැනීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි. 

“දේශපාලන හා ආර්ථික පියවර සඳහා බලකිරීමේ මාධ්‍යයක් ලෙස ඒකපාර්ශ්වික පිටස්තර බලහත්කාර ආර්ථික ක්‍රියාමාර්ග ඉවත් කිරීම” පිළිබඳ තේමා කරගත් 78 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඊයේ(13) සම්බාධක ප්‍රශ්නය සඳහා රැස්වීමත් පැවැත්වීය. 

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ චීන උප නියෝජිත Geng Shuang මහතා ප්‍රකාශ කළේ ඒකපාර්ශ්වික පියවර ජගත් නීතිය උල්ලංඝනය කරමින් තිරසර සංවර්ධන ඉලක්කයන් ඉටු කිරීමට බාධා කර ඇති බවයි. වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝනය කරන එය අධිපතිවාදයේ හා බලහත්කාර දේශපාලනයේ පිළිබිඹුවක් බවද හෙතෙම සඳහන් කළේය.   

ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් සිය ශක්තිය අයුතු ලෙස භාවිත කරමින් ඒකපාර්ශ්වික සම්බාධක පියවර ආයුධ හා උපාය ලෙස භාවිත කිරීමේ මූලික අරමුණ වන්නේ අධිපතිවාදී ඒකාධිකාරී ආස්ථානය හා අසාධාරණ අනුකූල නොවන ජාත්‍යන්තර පිළිවෙලක් පවත්වා ගැනීම බව Geng Shuang මහතා පැවසීය.

ජගත් ප්‍රජාවේ යුක්ති සහගත ඉල්ලීම්වලට සවන් දෙන ලෙසත් හැකි ඉක්මනින් ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන ලෙසත් චීනය ඇමරිකාව ඇතුළු අදාළ රටවලින් ඉල්ලා සිටී. ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමෙන් ඇති වන දරුණු ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කොට එම අනීතික ක්‍රියාවන්ට පොදු විරෝධය පළ කරමින් සම්බාධකවලට ගොදුරු වූ රටවලට සහය දෙමින් ඔවුන්ගේ අසීරුතාවන් ලිහිල් කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ චීන උප නියෝජිතයා සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම