2024 මුල් මාස පහ තුළ අපේක්ෂාව ඉක්මවමින් චීන විදේශ වෙළඳාම ජයග්‍රහණ අත්කර ගනියි
2024-06-13 10:21:33
Share with:

මෙම වසරේ මුල් මාස පහ තුළ, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 17.5 ක් වන බව වාර්තා වෙයි. එය ගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 6.3% ක වැඩිවීමකි.

ඒ අතර, පසුගිය මැයි මාසයේදී චීනයේ ආනයන හා අපනයන වර්ධන වේගය 8.6% දක්වා ළඟා වූ අතර, එය පසුගිය අප්‍රේල් මාසයට වඩා සියයට 0.6 කින් වැඩිවීම විශේෂත්වයකි. චීනයට පනවා ඇති ඇමරිකාවේ සහ යුරෝපයේ වෙළඳ සීමාවන් යටතේ, චීන සමාගම් විදේශ වෙළඳපොල සංවර්ධනය කිරීමේ කැපී පෙනෙන ජයග්‍රහණ අත් කරගෙන තිබේ. චීන ආර්ථිකයේ ශක්තිය ඉන් පිළිබිඹු කෙරෙන බව රොයිටර්ස් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව, චීනයේ විදේශ වෙළඳාමෙන් ඉහළ මට්ටමේ, බුද්ධිමත් සහ හරිත අපනයන ප්‍රවණතාවක් දැක ගත හැකිය. මෙම වසරේ පළමු මාස පහ තුළ චීනයේ භාණ්ඩ අපනයනය ගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 6.1% කින් ඉහළ ගොස් ඇත. ඉහළ තාක්ෂණය හා අතිරේක අගය සහිත යන්ත්‍ර හා විදුලි උපකරණ සමස්ත අපනයනයෙන් 60% කට ආසන්න වේ. නැව්, වාහන, ගෘහ උපකරණ සහ ඒකාබද්ධ පරිපථ පිළිවෙලින් 100.1%, 26.3%, 17.8%, 25.5% කින් වැඩි වී ඇත.

නව බලශක්ති වාහන ක්ෂේත්‍රයේ චීන ව්‍යාපාරවල තරඟකාරිත්වය බිහි වන්නේ එහි සම්පූර්ණ කාර්මික දාමය,  සැපයුම් දාම පද්ධතිය, අඛණ්ඩ නවෝත්පාදනයෙන් ලබා ගත් තාක්ෂණය, සන්නාම වාසි, චීනයේ අතිවිශාල වෙළඳපල වාසි සහ බහුල මානව සම්පත් වාසි හේතුවෙනි. එය "චීනයේ බුද්ධිමත් නිෂ්පාදන" ලෝකයේ පිළිගැනීමට ලක්වීමේ හේතුවට කදිම නිදසුනක් වේ.

අදාළ ක්ෂේත්‍රවල ඇමරිකාවේ හා යුරෝපායේ සමාගම් සාපේක්ෂව මන්දගාමී සංවර්ධනයක් පෙන්නුම් කරන විට, චීනයේ උසස් නිෂ්පාදන ධාරිතාව නියෝජනය කරන නව බලශක්ති වාහන, ලිතියම් බැටරි, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදන දේශීය වෙළඳපොළේ පමණක් නොව, විදේශයන්හි පවා සිය සංවර්ධන පරාසය පුළුල් කර ඇත.  "චීනයේ බුද්ධිමත් නිෂ්පාදන" ඉන් අඛණ්ඩව ගෝලීය හරිත සංවර්ධනය සඳහා දායක වෙමින් සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම