චීන-යුරෝපා සංගමයේ ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව ආරක්ෂා කර ගැනීමට චීනය සමග කටයුතු කරන ලෙස චීනයේ ඉල්ලීමක්
2024-06-13 10:37:37
Share with:

චීනයෙන් ආනයනය කරන විදුලි වාහන සඳහා යුරෝපා සංගමය 25% දක්වා තීරුබදු පැනවීමට නියමිත බව වාර්තා වේ. එයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(12) ප්‍රකාශ කළේ මෙම ‘සහනාධාර විරෝධී පරීක්ෂණය’ සාමාන්‍ය ආරක්ෂණවාදයක් බවයි.

මෑත කාලයේ යුරෝපා කොමිසමේ පරීක්ෂණයට බොහෝ යුරෝපීය රටවල නායකයින් සහ කර්මාන්ත නියෝජිතයන් විරෝධය පළ කර ඇති අතර, චීන විදුලි වාහන සඳහා තීරුබදු වැඩි කිරීමෙන් යුරෝපීය කර්මාන්තය ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම, වැරදි ක්‍රමවේදයක් බවත් ප්‍රකාශ කර ඇත.

නිදහස් වෙළඳාමට සහාය දැක්වීමට සහ ආරක්ෂණවාදයට එරෙහි වීම පිළිබඳ ප්‍රයත්නයන්ට අනුකූල වන ලෙසත්, චීන-යුරෝපා සංගමයේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ සමස්ත තත්ත්වය ආරක්ෂා කර ගැනීමට චීනය සමග කටයුතු කරන ලෙසත් චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී. එමෙන්ම චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ඇති බව ද Lin Jian මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම