ශ්‍රී ලංකාවට තුන්වැනි වාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව
2024-06-13 14:37:38
Share with:

ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ඔවුන් අනුමත කර ඇතැයි විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

“මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා වන අපගේ කැපවීමට සාක්ෂියකි.” යනුවෙන් ද අමාත්‍යවරයා දක්වා තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඇ. ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තුන්වැනි වාරිකය මෙරටට හිමිවනු ඇත. එනම්, ඇ. ඩොලර් මිලියන 336 ක මුදලක් මෙවර ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ තවදුරටත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සහ සුදුසු වෙනස් කිරීම් සිදුකිරීමට එමගින් අවස්ථාව ලැබෙන බවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම