නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක අසීමිත ලෙස පැනවීම වහාම නතර කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-06-13 17:51:39
Share with:

නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක අසීමිත ලෙස පැනවීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊයේ (12) රුසියාව හා අනෙකුත් රටවල ආයතන සහ පුද්ගලයන් 300 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රුසියාව කෙරෙහි බලපාන නව සම්බාධක වටයක් නිවේදනය කළේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීනය සහ රුසියාව පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් බවත්, දෙපාර්ශ්වය අතර  පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා දෙරටේ අවශ්‍යතා සඳහා වන බවත් Lin Jian මහතා පැවසීය. සියලු ආකාරයේ නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනය දැඩි ලෙස විරුද්ධ වේ. චීනය සහ රුසියාව අතර සාමාන්‍ය ආර්ථික හා වෙළෙඳ හුවමාරුවලට බාධා හෝ කඩාකප්පල් කිරීම් සිදු නොකළ යුතු බවත්, එය චීනය අපකීර්තියට පත්කිරීමේ සහ පාලනය කිරීමේ මෙවලමක් බවට පත් නොවිය යුතු බවත් ඔහු කියාසිටියේය.

චීන සමාගම්වල සහ ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට චීනය නිසි පියවර ගන්නා බව ද Lin Jian මහතා  පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම