චීන අගමැති නවසීලන්ත ආණ්ඩුකාරවරිය හමුවෙයි
2024-06-13 15:11:59
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා,  නවසීලන්ත ආණ්ඩුකාර Alcyion Cynthia Kiro මහත්මිය හමුවෙයි. එම හමුව අද(13) සවස නවසීලන්තයේ Wellington අගනුවර දී පැවැත්විණ.

සමාන සංවර්ධන සංකල්ප, සංස්කෘතික වටිනාකම් සහ ජාත්‍යන්තර අදහස් ඇති චීනය සහ නවසීලන්තය, වසර ගණනාවක් තිස්සේ එකිනෙකාගේ සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලබා ඇති බව Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය. දෙපාර්ශ්වයම පොදු සංවර්ධනය සඳහා සෑමවිටම හවුල්කරුවන් ලෙස ක්‍රියා කළ යුතුය. උසස් තත්ත්වයේ චීන-නවසීලන්ත පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් සඳහා මෙන්ම සමස්ත ලෝක වාසී ජනතාවට මනා ප්‍රතිලාභ ලබා දීම සඳහා දෙරට අතර සහයෝගිතා තර කිරීම චීනයේ අපේක්ෂාව බව ද අගමැතිවරයා පැවසීය. එහිදී අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල හුවමාරු මෙන්ම මානව හුවමාරු පුළුල් කිරීමට ද චීනය සූදානමින් සිටින බව Li Qiang මහතා කියා සිටියේ ය.

චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් පුළුල් කරමින්, මානව සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීමට නවසීලන්තය කැමැත්තෙන් සිටින බව Alcyion Cynthia Kiro මහත්මිය එහිදී පැවසුවා ය. එසේම, දෙරට ජනතාව අතර මිත්‍රත්වය සහතික කිරීමටත්, දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලු එක්ව විසඳීමටත් නවසීලන්තය සූදානම් බව ඇය එහිදී සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම