කොරියා අර්ධද්වීපයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සංයමයෙන් සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නියෝජිතයා‍ ගෙන් ඉල්ලීමක්
2024-06-13 11:25:39
Share with:

කොරියා අර්ධද්වීපයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සංයමයෙන් සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නියෝජිත Geng Shuang මහතා විවිධ පාර්ශ්වයන් ගෙන් ඉල්ලයි. හෙතෙම ඊයේ(12) පැවති ආරක්ෂක මණ්ඩලයේ උතුරු කොරියාවේ මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ සමුළුවේදී එම ඉල්ලීම කළේය.

එකිනෙකා අතර උද්වේගයන් මතු කරන ක්‍රියා හා අර්ධද්වීපයේ තත්ත්වය උණුසුම් කරන ක්‍රියා වළක්වන ලෙස Geng Shuang මහතා එහිදී ඉල්ලා සිටියේය. කලාපීය සාමය හා ස්ථාවරත්වය, උතුරු කොරියාවේ මානව හිමිකම් තත්ත්වය මෙන්ම එහි ජනතාවගේ සුභසෙත කෙරෙහි ඇමරිකාව ඇතුළු රටවල් සැබෑ අවධානය යොමු කරන්නේ නම් ප්‍රා‍කෝපකාරී ක්‍රියා නතර කර සංවාද යළි ආරම්භ කිරීම ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම කීය.  ආරක්ෂක මණ්ඩලය මානුෂීය ක්ෂේත්‍රයේ පැනවූ සම්බාධක සකස් කිරීමට එම රටවල් අනුබල දිය යුතු ය. එමෙන්ම උතුරු කොරියාවේ මානව හිමිකම් තත්ත්වය උග්‍ර වීමේ ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර එම රටවල් කඩිනමින් නතර කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

වගකීමෙන් යුක්තව ක්‍රියා කරන, දැවැන්ත අසල්වාසී රටක් වන චීනය විවිධ පාර්ශ්ව සමග සමීප සංවාද පැවැත්වීමට සූදානමින් සිටින බව ද Geng Shuang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම